හිරැ එලිය සීරුවෙන් සිට
කන්ද මුදුනින් පැන නැගී
- අවදිවවු -
ගිගිරීය
පන ගසන
පන අදින
අබලන් යන්ත්රයක් සේය
දස දෙසින් දුමෙන් නැහැවී
ශිෂ්‍ටාචාරය අවදි විය
අවරදිගින් හිරු නොනගී
නැගෙනහිරින් හිරූ නොබසී
පැවසූයේ කවරෙක්ද කියනු මැන
අතීතෙන් ගෙන්වා ඔහුව මෙහි
දඩු කදේ ගස්වමු
බලන් සකිසද අපූර්වත්වය
අවරදිග ඉසවුවේ හිරු පිපී දිලෙනවා
හිරැ උදා වූ දිසාවෙ මෙතෙක් කල්
ඉරත් නැත
සදත් නැත
මුකුත් නැත
ශිෂ්ටාචාරයේ මලකඩ කෑලි විතරක්ය
මලකඩ අතරින් යනවා එනවා
මලවුන් වාගේ කනවා බොනවා
නොදැනී ඉබෙම නින්දට යනවා
නින්දෙන් ගයලා නින්දෙන් වයලා
සිහියෙන් කිසිවක් විදැයි සිතෙනවා
කතිරයත්
මරනයත්
රමනයත්
හැමදේම නින්දෙනි
උස කොල්ලෝ පේලියයි
මිටි කොල්ලෝ පේලියයි
උස කොල්ලෝ තේජසයි
ඉර දෙවියන් වැද පුදයි
එක පැත්තට බර උන ඉර
ඔදවත්ය තෙදවත්ය
බලවත්ය නමුත් ඔහු
අපේ රෑනට අයිති නැත
Tuesday, February 3, 2009
Subscribe to:
Post Comments (Atom)
මේකනම් කියවන්න පුලුවන්...
ReplyDeleteනියමයි....
/බිඟුවා...!
කවි දෙකම රස විඳින්න පුලුවන්....
ReplyDelete